ලොව ප්‍රථම වරට මිනිස් කලලයක් සඳහා සිදු කරන ලද "රසායනික සැත්කමකින්" ඉතා සාර්ථකව රෝගයක් සුව කරන ලද බව චීන විද්‍යාඥයන් කණ්ඩායමක් බීබීසී යට පැවසූහ.
'Base editing' නම් තාක්ෂණය යොදා ගෙන මිනිස් DNA අණුවල "අකුරු" බිලියන තුනක තිබෙන එක් වැරැද්දක් නිවැරදි කිරීමට තමන්ට හැකි වූ බව ද චීනයේ ගුවන්ෂු (Guangzhou) පළාතේ සුන් යැට් සෙන් (Sun Yat-sen) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
විද්‍යාගාරයේ නිර්මාණය කරන ලද කලලයක 'බීටා තැලසීමියා' රෝගය සුව කිරීම පිණිස එම ක්‍රමය මගින් කලලයේ DNA අණුව වෙනස් කර තිබේ. රෝගය සුව කරන ලද නමුත් එම කලලය ගර්භාෂයක තැන්පත් කර නැත.
සිය සොයා ගැනීම, අනාගතයේ කිසියම් දිනෙක ප්රවේනිගත රෝග සුව කිරීමට ඉවහල් වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු පළ කරති.
'Base editing' තාක්ෂණය මගින් සිදු කරනු ලබන්නේ DNA අණුවල මූලික සැකසුම වෙනස් කිරීමය.
ජීවිත හානි සිදු විය හැකි 'බීටා තැලසීමියා' රෝගය හටගන්නේ DNAඅණුවල ජාන සැකසුම් හතරෙන් එකක පදනම වෙනස්වීම මගිනි.
උපුටා ගැනීම බීබීසී සිංහල වෙබ් අඩවිය